
කිසි විටක රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ ඇති හෝ නොමැති ඖෂධ සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන බවයි. එමෙන්ම විදේශ විනිමය සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණත් ඖෂධ ගෙන්වීමට ප්‍රමුඛතාව ලබාදී රජය කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.