145 views 0 secs 0 comments

19 වනදා සිට නැවත සෞඛ්‍ය වර්ජන ඇරඹෙන ලකුණු…

In Health, Local News
March 15, 2024

සෞඛ්‍ය වෘත්තිය සමිති එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටියා..

බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවත්, සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවත්, අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.