Connect with us

Helth

ඩෙංගු මර්දනයට ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර….

Published

on

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටි අතර එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, නලින් ආරියරත්න මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන් විසින් එම කටයුතු සිදුකරනු ඇති බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බවත්, ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 37,000 ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව්ත්, නලින් ආරියරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

මේ වන විට දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසකම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින අතර මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගය වැළදුණු ළමුන් තිස් දෙදෙනකු ප්‍රතිකාර ලබන අතර ඉන් දස දෙනෙකුට ඩෙංගු රක්තපාත තත්ත්වය පවතින බව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ ය.

නිවසේ හෝ අසල නිවසක ඩෙංගු රෝගය වැළදුණු අයෙකු ඇත්නම්, ඔබටද ඩෙංගු රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Helth

ඖෂධ මිල අඩුවෙන හැටි…

Published

on

By

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එහිදී ඖෂධවල මිල 16%කින් අඩු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.

Continue Reading

Helth

ලෝක ඒඩ්ස් දිනය අදයි..

Published

on

By

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබෙන අතර “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාවයි. එමගින් HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්‍රතිලාභ ඒ හා සමානව ලබාදීම අරමුණු කරගෙන තිබේ.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.

මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.

Continue Reading

Helth

ඖෂධ හිගය තවමත් පවතිනවා – වෛද්‍ය හම්දානි

Published

on

By

රට තුළ තවමත් අත්‍යාවශ්‍ය ඖෂධ 110ක පමණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටියා.

එහි ජාත්‍යන්තර ඖෂධ පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි, හිගව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාර පවත්වගෙන යන බවත්, ඖෂධ හිගය වැලැක්වීමට වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවත් සදහන් කර සිටියා.

Continue Reading

ප්‍රවණතාවන්