2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 80,272 දෙනෙකු ඉල්ලුම් කර තිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නැවත සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ තවදුරටත් විමසීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසැල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාව අමතන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
