තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල හතකට පත්ව සිටින නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.
මෙම හමුව පැවැත්වුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය. ඒ අවස්ථාවේදී අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ඉලක්ක සහ අභිලාෂයන් නව තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට පැහැදිළි කළේය. ඒ අතර ඔවුන් තමන්ගේ සේවා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත සැලසුම් සහ වැඩපිළිවෙල පිළිබඳවද විස්තරාත්මක ඉදිරිපත් කිරීම් සිදු කළහ.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ මහත්මිය සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ද සහභාගී වූහ.
