
නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීම අද (08) පෙරවරුවේදින් සිදු වූවද, එදිනද නව පාප් වහන්සේ තේරී පත් කිරීම සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වතිකානයේදී ඊයේ ආරම්භ වූ මෙම ඡන්ද විමසීම, ඊයේ පස්වරුවේ පැවති පළමු වටයේදීත් නව පාප් වහන්සේ තේරීම අසාර්ථක වූ බැවින්, අද පෙරවරුවේ යළිත් පැවැත්විය.
ඡන්ද විමසීමෙන් අනතුරුව වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් නිකුත් වූ කළු දුමාරය හරහා, නව පාප් වහන්සේ තවමත් තේරී පත් වී නොමැති බව සංකේතවත් වී ඇත.