197 views 1 sec 0 comments

ජපාන අගමැති හා ජනපති රනිල් අතර හමුවක්…

In World News
September 28, 2022

අද (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා ((Fumio Kishida) අතර හමුවක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ සිට පැවතෙන සමීප සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ජපාන අධිරාජ්‍යයා වන නරුහිතෝ අධිරාජ්‍යයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද අද (28) පෙරවරුවේ සිදුවී තිබෙනවා.

අධිරාජ්‍යයාගේ නිල නිවස වන ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරයේ දී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.