195 views 0 secs 0 comments

වාර්තා අතරට ගිය පාපන්දු තරඟය…

In Sports, World News
November 23, 2022

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද ප්‍රබල ජර්මනියට එරෙහි තරගය ජය ගැනීමට ජපානය සමත් විය. ඒ ගෝල 2ට 1ක් ලෙසයි.

කටාර්හි, කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටියේ ජර්මනියයි.

නමුත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ඩොආන් සහ අසානෝ රැස් ගෝලය බැගින් රැස් කරමින් ජපානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූ අතර මෙය අවස්ථා 4කදී ලෝක ශූරයින් වූ ජර්මන් කණ්ඩායම, පාපන්දු ඉතිහාසයේ ජපානය හමුවේ පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක් විය.