
ඊයේ (24) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගයේ 5 වැනි පන්දු ඕවරයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ළහිරු කුමාර සහ ලිටන් දාස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට දඩ නියම කර තිබේ.
එහිදී දෙදෙනාම ක්‍රීඩාවට නුසුදුසු අයුරින් හැසිරී ඇති බව අයි සී සී ය සිය මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දුන්නේය.
ඒ අනුව ළහිරු කුමාරට සහ ලිටන් දාස් ට තරග මුදලින් පිළිවෙලින් 25%ක් සහ 15% දඩ ගැසීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.