Connect with us

Local News

ජ.හැ පත් නිකුත් කිරීමේ එක් දින සේවාව අද සිට ඇරඹේ..

Published

on

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව අද (25) සිට නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ දකුණු පළාත් කාර්යාලය මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක වන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර
එක්දින සේවාව මඟින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණීමේදී කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරවාගෙන පැමිණිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩිදුර විමසීම සඳහා දුරකථන අංක පහතින්,

ප්‍රධාන කාර්යාලය – 011 5226126 / 011 5226100
දකුණු පළාත් කාර්යාලය – 091 2228348

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

10 වන පාර්ලිමේන්තුවෙ පළමු සැසිවාරය ඇරඹේ…

Published

on

By

10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (21) පෙරවරු 10ට ආරම්භ කරන ලදී

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම කථානායක ධූරයට යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කිරීමෙන් අනතුරුව ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් අශෝක රංවල මහතා කථානායකවරයා ලෙස නම් කෙරුණි.

කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකෙරේ.

මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Continue Reading

Local News

නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා..

Published

on

By

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කරනු ලැබීය.

Continue Reading

Local News

අපොස උ පෙළ සම්බන්ධ සියලු උපකාරක පන්ති අද සිට තහනම්…

Published

on

By

අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීම තහනම් බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම කාලය තුළ උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීමට අමතරව විභාගය සදහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්,අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ ළඟ තබාගැනීම ද තහනම් වෙයි.

කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ යම් පාර්ශවයක් මෙම නියෝග කඩකරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත පැමිණිලි කළ හැකි බව ද විභාග කොමාසරිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා..

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වීමට නියමිත අතර එළඹෙන 22 වන සිකුරාදා සිට 2025 වසරේ ජනවාරි මස පළමු වනදා දක්වා රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සඳහා නිවාඩු ලබා දි තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්