208 views 0 secs 0 comments

20/20 පිටියට සමුදුන් මාලිංග…

In Sports
September 14, 2021

රට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත.

“වසර 17ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුළ අවශ්‍යය වෙන එකක් නෑ.. මොකද.. මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුණ අවසන් පුරුක, ඨ්20 ක්‍රිකට්වලටත් සමුදීමට මම අද තීරණය කළා.ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට්වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.”