ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කර සිටි අතර හෙට සිඩ්නි හිදී ආරම්භ වන ඔස්ට්‍රේලියා – පාකිස්තාන තුන්වැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස සැලකෙයි.
37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර නිවේදනය කර තිබුණි.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ වෝනර් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 161කට ක්‍රීඩා කර ලකුණු 6,932ක් රැස්කර ඇති බව වාර්තා වේ.
