110 views 0 secs 0 comments

සජබය සමඟ එක් වූ ශාන්…

In Local News
January 01, 2024

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

අද සිට ශාන් විජයලාල් ද සිල්වා මහතාව, සජිත් ප්‍රේමදාස මහතා විසින් අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා‌ ලෙස ද පත් කර තිබේ.

ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් වූ අතර පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.