207 views 0 secs 0 comments

දුමින්ද පෙරේරා මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

In Local News
April 14, 2022

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද පෙරේරා මහතා අද (14) මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණී සෙනෙවිරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නීතිඥවරුන් රැසක් මුදල් අය කිරීමකින් තොරව පෙනී සිටියහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් සිසුන් පිරිසක් ඊයේ කිරිබත්ගොඩ නගරයේදී අට්ටාලයක් ඉදිකර විරෝධතාවක් ආරම්භ කර තිබූ අතර එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුමින්ද පෙරේරා මහතා එම අට්ටාලය කඩා දැමී ය. එහිදී සිසුන් කිහිපදෙනෙකුට ද මන්ත්‍රීවරයා පහරදී ඇති අතර පසුව කිරිබත්ගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණි.