අද (01) දිනයේ සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි දුම්රිය අද පෙරවරු 5.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කල අතර මෙතෙක් සතියේ දිනවල පමණක් ධාවනය වු සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේ ද ධාවනය කිරීමට නියමිත වේ.
එම්න්ම සතියේ දිනවල රාත්‍රී 8.35ට මරදාන සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට අලුත්ගම දක්වා ගමනාන්තය දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
පස්වරු 2ට මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට පස්වරු 1.55ට මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය වේ.
සති දෙකක කාලයක් අත්හදා බැලීමෙන් අනතුරුව මෙම දුම්රිය කාලසටහන සංශෝධනය අඛණ්ඩ ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධව අවසන් තීරණයක් ගන්නා බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කර සිටියා..