115 views 0 secs 0 comments

දුරකථන ගාස්තුත් ඉහලට…

In Local News
January 01, 2024

ජනවාරි 1 වනදා සිට මෙරට සියළුම දුරකථන සමාගම් සිය දුරකථන ගාස්තු ඉහළ නංවන බව දැනුම් දී තිබේ.

මෙතෙක් 15%ක්ව පැවැති වැට් බද්ද 18%ක් දක්වා ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවා බද්ධ 3%කින් ඒ අනුව ඉහල නැංවෙන අතර දුරකථන ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවන රූපවාහිනි සේවා ගාස්තු ඇතුළු සියලු සේවාවන් සඳහා අය කරන ගාස්තු මේ අනුව ඉහත යයි.

ඇතැම් සමාගම් පෙර ගෙවුම් කාඩ්පත් සඳහා ගාස්තු ඉහල දැමීමක් සිදු කර නැති අතර ඒ වෙනුවට ඊට ලැබෙන දත්ත ප්‍රමාණය අඩුකර ඇති බවද වාර්තා වේ.