109 views 0 secs 0 comments

පළමුවනදා සිට ඉන්ධන මිලත් ඉහලට..

In Local News
January 01, 2024

ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දමා තිබේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.20කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රු.366ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.38 කින් ඉහල යාම සමග එහි වන මිල 464ක් වේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රු.29කින් ඉහල දමා ඇති අතර එහි නව මිල 475ක් වේ.
සුපිරි ඩීසල් ලීටරයක් රු.41කින්ද, භූමිතෙල් මිල රු. 11කින්ද ඉහල දමා ඇති අතර එහි නව මිල පිළිවෙලින්
රු. 475 හා රු.236ක් වේ.