89 views 0 secs 0 comments

දුම්රිය ප්‍රමාදයක්..

In Local News
November 01, 2024

ගිංතොට දුම්රිය ස්ථානයේ දි රුහුණු කුමාරි දුම්රිය පීලිපැනීම හේතුවෙන් සමුද්‍රදේවි දුම්රිය දොඩන්දූව දුම්රිය ස්ථානයෙන්ද, සාගරිකා දුම්රිය බූස්ස දුම්රිය ස්ථානයෙන් සහ නයනාකුමාරි දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ සිටද ගමන් ආරම්භ කර ඇති අතර එම දුම්රිය නියමිත වේලාවන්වලදී අදාළ දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා

කෙසේ වෙතත් ගාලු කුමාරි දුම්රිය සහ තැපල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

පීලිපැනීමට ලක් වු රුහුණූ කුමාරි දුම්රියේ එන්ජිම මේවන විට පීලිගත කර ඇති අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරිම සඳහා තවත් පැය කිහිපයක් ගත වන බව සඳහන්ය.