631 views 0 secs 0 comments

59,000කට වැඩි පිරිසකට ලබා දුන් කොවිෂීල්ඩ් එන්නත…

In Local News
February 01, 2021

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ්-19 මර්දන එන්නත මේ වන විට පුද්ගලයින් 59,154 දෙනෙකුට ලබාදී අවසන් බව සෞඛ්‍ය අංශ පවසති.
ඊයේ (01) දිනය තුළ පමණක් පුද්ගලයින් 21,329 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
මේ වන විට දෛනිකව එම එන්නත ලබාදෙනු ලබන අතර කොවිඩ් ආසාදිතයින් සමග වැඩි වශයෙන් කටයුතු කරන ඉදිරි පෙළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට එන්නත ලබාදීම සිදුකරනු ලබයි.