Connect with us

Local News

ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය ඇමතූ ජනපති අනුර..

Published

on

ශ්‍රී ලංකාවේ නව ආර්ථික අවස්ථා සොයා බැලීමට සහ ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.

ඊයේ (29) ජපානයේ JETRO මූලස්ථානයේදී පැවති ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම හමුවට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨයින් 200 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, JETRO, METI, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුව සහ BOI එක්ව එය සංවිධානය කළේය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෙම අවස්ථාවෙදී ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ උපායමාර්ගික සැලැස්ම පැහැදිලි කළ අතර, දත්ත මධ්‍යස්ථාන, ඩිජිටල් පරිවර්තනය, AI ආදී ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථාද පෙන්වා දුන්නේය.

ඉන් අතුරුව BOI විසින් නිෂ්පාදන, ICT, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය ආදී ප්‍රමුඛ ආයෝජන අංශ පිළිබඳ විස්තර ඉදිරිපත් කළේය.

මෙයත් සමග ශ්‍රී–ජපන් ව්‍යාපාරික නියෝජිතයින් අතර ජාලකරණ සැසියක් පැවැත්විණි.

එසේම ජනාධිපතිවරයා සහ JETRO සභාපති ඉෂිගුරො නොරිහිකො මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවති අතර, JETRO සභාපතිවරයා දෙරට අතර අඛණ්ඩ සහ අන්‍යෝන්‍ය ප්‍රයෝජනවත් හවුල්කාරිත්වයන් ගොඩනගන බව තහවුරු කළේය.

Local News

ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල වැඩ කටයුතු අඩාල වෙයි..

Published

on

By

තම ගැටලුවලට රජයෙන් සම්පූර්ණ විසඳුම් නොලැබූ බව පෙන්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (30) දිවයිනේ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළේය.

ඒ අනුව, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට, යාපනය ඇතුළු විශ්වවිද්‍යාල රැසක දේශන ඇතුළු සියලු අධ්‍යයන කටයුතු අදට අක්‍රිය විය.

ආචාර්යවරුන් මෙය සිදු කරන්නේ,

ආචාර්ය හිඟය

වැටුප් ගැටලු සහ විෂමතාව

පර්යේෂණ සඳහා වන ප්‍රතිපාදන අඩුවීම

පහසුකම් වර්ධනය නොවීම
ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්ය.

සමිති සම්මේලනය කියා සිටියේ, මේ පිළිබඳව රජයේ බලධාරීන් සමඟ අවස්ථා ගණනාවක සාකච්ඡා කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් නොලැබූ බවයි.

එක්දින වැඩවර්ජනය සමගාමීව, ආචාර්යවරුන් අද දහවල් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ද ආරම්භ කරමින් රජය වෙත කඩිනම් විසඳුම් ඉල්ලා සිටියහ.

Continue Reading

Local News

බස් ප්‍රවේශ පත්‍රය නැති මගීන්ට හෙට සිට දඩ…

Published

on

By

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ, ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස්රථවල ගමන් කරන මගීන්ට හෙට (01) සිට දඩයක් නියම කරන බවයි.

අධිකාරියේ ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පැවසුවේ, මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට ද දඩ නියම කිරීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව හෙට සිට බස්නාහිර පළාතේ ධාවනය වන සියළු බස්රථවල ගමන් කරන මගීන්ට ප්‍රවේශ පත්‍රය අනිවාර්යව ලබා ගත යුතු බවත් කොන්දොස්තරවරුන් එය නිකුත් කළ යුතු බවත් සදහන් කර ඇත.

මෙම තීරණය පිළිබඳව සභාපති ගාමිණී ජාසිංහ මහතා ද පවසා ඇති අතර, බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස්රථ සඳහා හෙට (01) සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය බව සදහන් කරයි.

Continue Reading

Local News

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය අද…

Published

on

By

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (30) සිට එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඒ, ආචාර්ය හිඟය, වැටුප් විෂමතාව සහ දීමනා කප්පාදුවට විරෝධය පළ කිරීමේ අරමුණින්ය.

සම්මේලනය සඳහන් කළේ අද දිනයේ දිවයිනපුරා සියළු විශ්වවිද්‍යාලවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

බලධාරීන් සමඟ කිහිප වරක් සාකච්ඡා කළද තවමත් සෘජු විසඳුමක් නොලැබූ බවද එම සම්මේලනය පවසා ඇත.

Continue Reading

ප්‍රවණතාවන්