බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ, ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස්රථවල ගමන් කරන මගීන්ට හෙට (01) සිට දඩයක් නියම කරන බවයි.
අධිකාරියේ ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පැවසුවේ, මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට ද දඩ නියම කිරීමට කටයුතු කර ඇති බවය.
ඒ අනුව හෙට සිට බස්නාහිර පළාතේ ධාවනය වන සියළු බස්රථවල ගමන් කරන මගීන්ට ප්‍රවේශ පත්‍රය අනිවාර්යව ලබා ගත යුතු බවත් කොන්දොස්තරවරුන් එය නිකුත් කළ යුතු බවත් සදහන් කර ඇත.
මෙම තීරණය පිළිබඳව සභාපති ගාමිණී ජාසිංහ මහතා ද පවසා ඇති අතර, බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස්රථ සඳහා හෙට (01) සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය බව සදහන් කරයි.
