කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,475දෙනෙකු අද (14) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 490,957ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊයේ (13) දිනට තවත් කොවිඩ් මරණ 136ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. තහවුරු කර ඇති එම මරණ 136ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,567ක් වේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,354ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 415,649ක් විය.