188 views 0 secs 0 comments

සඳුදායින් පසු රට විවෘත වෙයිද…?

In Local News
September 14, 2021

ලබන සඳුදායින් පසු ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය පියවර ගනු ඇතැයි, කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, වාර්තාවන රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවන්හි අඩුවක් ද දක්නට ඇති බවත් සති 4ක කාලයක් රට වසා තැබීම ප්‍රමාණවත් බවත් ය.

කෙසේ වුවද එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ක්‍රමානුකුලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇතැයි, ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.