159 views 0 secs 0 comments

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් දිවයිනට

In Local News
August 12, 2022

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා විය. එම පෙට්‍රල් තොගය ගොඩබෑම අද (12) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම බොරතෙල් රැගත් නෞකාවක් හෙට (13) දිවයිනට පැමිණීමට නියමිත බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව අගෝස්තු මස 15 වනදා සිට යළි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.