
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛ කාන්තා නාවික ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මීටර් 1500 සහ මීටර් 5000 කාන්තා ඉසව්වලින් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත් වූවාය.
කාන්තා නාවික ක්‍රීඩිකාවන් වන ගයන්තිකා අබේරත්න මීටර් 1500 කාන්තා ඉසව්ව මිනිත්තු 4 යි තත්ත්පර 9.12 කින් (4:9.12) නව ජාතික වාර්තාව පිහිටුවූයේ නිමාලි ලියනාරච්චිගේ මීට පෙර මිනිත්තු 4 යි තත්ත්පර 15.86 (4:15.206 කින්) පිහිටුවා තිබූ වාර්තාව බිඳ දමමිනි.