
තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී තිබේ. ඒ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) පැවති උත්සවයකටයි.
2016 වසරේ සිට තලෙබාන් සංවිධානයේ නායකයෙකු ලෙස කටයුතු කරන අකුන්ද්සාදා ඇෆ්ගනිස්තානය තලෙබාන් ග්‍රහණයට යටත්වීමෙන් පසුව මේ දක්වා ප්‍රසිද්ධ හමුවකට සහභාගී නොතිබූ බව සඳහන් වන අතර ඒ හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට ද විවිධ වාර්තා පළවී තිබුණි.