Connect with us

world-news

නියුමෝනියාවෙන් පීඩ විඳින පාප් වහන්සේ…

Published

on

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියුමෝනියා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බවට වතිකානය අනාවරණ කර තිබේ.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගෙවුණු දින කිහිපය පුරා ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි අතර උන්වහන්සේගෙ සෞඛ්‍ය තත්වය බරපතල බව රෝහල් බලධාරීන් අනාවරණය කර සිටියා. ඒ හේතුවෙන් උන් වහන්සේ Cඨ් සහ X කිරණ ඇතුළු පරීක්ෂණ කිහිපයකට ලක්කිරීමටත් කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් උන්වහන්සේ වඩාත් යහපත් මානසික තත්ත්වයක පසුවන බවත්, යාච්ඥා කිරීම වැනි සාමාන්‍ය කටයුතුවල නිරතව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.

තම සුව පැවැත්ම වෙනුවෙන් සුබපැතුම් එක්කළ සියලුදෙනාට පාප් වහන්සේ
තම ස්තූතිය පුද කල බවද වාර්තා වේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

උත්තරාකන්ද් ප්‍රාන්තයේ හදිසි ජලගැලීමක් – ජීවිත 4ක් අහිමිවී පුද්ගලයින් 50ක් අතුරුදන්

Published

on

By

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයකට දැඩි වැසි සහිත කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් නිවාස සහ වාණිජ ස්ථාන රැසක් විනාශවී තිබේ.

මෙම ජලගැලීමෙන් විශේෂයෙන් දැඩි හානි සිදුවී ඇත්තේ ධරාලි නගරයේ හෝටල් සහ අවන්හල් බහුලව පවතින ජනාකීර්ණ ප්‍රදේශයකි.

සිද්ධියෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 50 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන්වූවන් සොයා දැඩි ගැඹුරු Kurt rescue මෙහෙයුමක් ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් වේ.

Continue Reading

world-news

චීනයේ චිකුන්ගුන්යා රෝගීන් 7,000 ඉක්මවයි….

Published

on

By

පසුගිය ජූලි මාසයෙන් පසුව චීනය තුළ චිකුන්ගුන්යා වෛරසය හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට එරටින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 7,000 ක් ඉක්මවා ඇති බව සඳහන් වේ.

පළාත් කිහිපයකින් රෝගීන් වාර්තා වී ඇති අතර පසුගිය සතිය තුළ පමණක් 3,000 ක් වාර්තා වීම විශේෂ අවධානයට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, වාර්තා වී ඇති රෝගීන්ගෙන් 95%කට අධික පිරිසකගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් කෙටි කාලයක ප්‍රතිකාරෙන් අනතුරුව පිටව ගොස් ඇති බවත් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.

රෝගය ව්‍යාප්ත වන අවදානම මැඩලීම සඳහා, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ කටයුතුවලට නියම විය යුතු බවට පුරවැසියන්ට දැනුම්දී ඇත.

නිවෙස් ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පිරිස්ට යුවාන් 10,000ක දඩයකට ලක් විය හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම තත්ත්වය මත, චීනයේ සංචාරයක නිරත වන සියලුම පුද්ගලයින් වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සන්ධානය (WHO) පවසයි.

Continue Reading

world-news

ඉන්දියාවේ පිලිපීන ජනාධිපති-විදේශ අමාත්‍ය හමුවක්

Published

on

By

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා, ඉන්දියාවේ සංචාරයක නිරත වන පිලිපීන ජනාධිපතිවරයා හමුවී තිබේ.

මෙම හමුව, ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ නිල සංචාරයට සමගාමීව සිදු වූ බව වාර්තා වෙයි.

මේ අතර, ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද අද (05) දිනයේදී පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අග්‍රාමාත්‍ය මෝදිගේ ආරාධනයකට අනුව සිදුවන අතර, එහි ප්‍රධාන අරමුණ ලෙස දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සැලකේ.

Continue Reading

ප්‍රවණතාවන්