77 views 0 secs 0 comments

ඉන්දීය අගමැති මෝදිගෙන් හමුදාවට පාකිස්තානයට ප්‍රහාර වරෙන්තු….

In World News
April 30, 2025

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පාකිස්තානයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා තමන්ගේ ආරක්ෂක හමුදාවන්ට විශේෂ මෙහෙයුම් නිදහසක් ලබාදී තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය දා කාශ්මීරයේදී ඉන්දියානු බලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාරයක් ලෙසය.

ඊයේ නවදිල්ලි හිදී පැවති විශේෂ ජාතික ආරක්ෂක කවුන්සල රැස්වීමකදී මෙම අනුමැතිය ලබාදී ඇති අතර, එම රැස්වීමට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ හමුදා ප්‍රධානීන් ද සහභාගී වී ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ප්‍රහාරය ක්‍රියාත්මක කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීම සම්පූර්ණයෙන්ම හමුදා නායකත්වයට පැවරීමෙන්, ඔවුන්ට පූර්ණ මෙහෙයුම් නිදහස හිමිව ඇති බවය.

දැනටමත් ඉදිරි පැය 24–36 ක කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් ආරම්භ කිරීමට හැකි බව විදෙස් මාධ්‍ය බුද්ධි තොරතුරු උපුටා දක්වමින් වාර්තා කරයි.

පාකිස්තාන තොරතුරු අමාත්‍ය අතාවුල්ලා X ගිණුමේ සඳහන් කර තිබුණේ, ඉන්දියාවෙන් එල්ලවිය හැකි ඕනෑම මිලිටරි වික්‍රමයකට තම රට නිසැකවම හා දැඩිව ප්‍රතිචාර දක්වන බවය.