7 views 0 secs 0 comments

දකුණු ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ගින්නෙන් මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළට…

In World News
January 05, 2026

දකුණු ස්විට්සර්ලන්තයේ පිහිටි ස්කී අවන්හලක හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා එම අවන්හලේ සංවිධානය කර තිබූ සාදයක් පැවැත්වෙමින් තිබියදී මෙම ගින්න හටගෙන ඇති අතර, එම අවස්ථාවේ අවන්හල තුළ සිටි පුද්ගල සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

මේ අතර, ස්විට්සර්ලන්ත බලධාරීන් පවසන්නේ 100කට අධික පිරිසක් මෙම අනතුරෙන් තුවාල ලබා ඇති බවත්, ඔවුන්ගෙන් බහුතරයක් දරුණු පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය. එම ප්‍රදේශයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන්ගෙන් පිරී ඇති බව ද වාර්තා වේ.

අලුයම 1.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත. කෙසේවෙතත්, ගිනිකෙළි භාවිතයෙන් ඇතිවූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට එරට පොලීසිය සැක පළ කරයි.

ගින්න පාලනය කිරීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් 10ක්, ගිලන් රථ 40ක් සහ හදිසි සේවකයින් 150කට අධික පිරිසක් යොදවා ඇති බව සඳහන් වේ.