6 views 0 secs 0 comments

මෙක්සිකෝවේ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගල මරණයක් සහ විශාල හානි…

In World News
January 05, 2026

මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ රැසක් ආවරණය කරමින් එරට වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව වාර්තා වේ.

එරට ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙම භූමිකම්පාවට පසු කම්පන 500කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවයි.

භූමිකම්පාවේ කේන්ද්‍රය ගුවෙරෙරෝ ප්‍රාන්තයට අයත් සැන් මාකෝස් නගරය ආසන්නයේ, පැසිෆික් වෙරළබඩ පිහිටි ඇකපුල්කෝ නිකේතනයට ඔබ්බෙන් පිහිටා තිබූ බව සඳහන් වේ.

මේ හේතුවෙන් ඇකපුල්කෝ අවට සහ ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රධාන මාර්ගවල නායයෑම් කිහිපයක් වාර්තා වී ඇති බව ප්‍රාන්ත සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.

භූ කම්පනයේ අපිකේන්ද්‍රය ආසන්නයේ පිහිටි කුඩා ගම්මානයක ජීවත්වූ 50 හැවිරිදි කාන්තාවක් ඇගේ නිවස කඩා වැටීමෙන් මියගොස් ඇති බව ගුවෙරෙරෝ ආණ්ඩුකාරවරයා තහවුරු කර ඇත.

එමෙන්ම, ගුවෙරෙරෝ අගනුවර වන චිල්පන්සිංගෝ නගරයේ රෝහලකට දැඩි හානි සිදුව ඇති අතර, ඒ හේතුවෙන් එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඉවත් කිරීමට සිදුව තිබේ.