7 views 0 secs 0 comments

ඇෆ්ගනිස්තානයේ අධික වර්ෂාවෙන් පුද්ගලයින් 17ක් මියයයි…

In World News
January 05, 2026

ඇෆ්ගනිස්තානයේ කබ්කාන් දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ ආපදාවලින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරු හේතුවෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද සඳහන් වේ.

මේ අතර, නිවසක වහලයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලක සාමාජිකයින් පස්දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වෙයි.

අධික වර්ෂාවෙන් ඇතිවූ මෙම ආපදා හේතුවෙන් පවුල් 1,800කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.