Connect with us

world-news

ගාසා තීරය වෙනුවෙන් රැස් වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය…

Published

on

ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඔහුගේ විශේෂ බලතල භාවිත කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තියට අනුව ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් ලෙස මහලේකම්වරයා සලකන ඕනෑම කරුණක් සඳහා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවීමට ඔහුට බලය හිමිව තිබේ.

ගාසා තීරයේ ජනතාවට සටන් විරාමයක් හෝ යම් සහනයක් ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දරණ උත්සාහය මින් පෙනී යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි අතර 2017 වසරේදී ඇන්ටෝනියෝ ගුටරෙස් මහ ලේකම්වරයා ලෙස පත්වූ පසු මෙම බලය භාවිත කළ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මීට පෙර අවස්ථා හතරකදී රැස්වී ඊශ්‍රායල – හමාස් ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වන අමෙරිකාවේ දැඩි විරෝධය සහ නිශේධ බලය භාවිත කිරීම හමුවේ ඔවුන්ට යෝජනාවක් සම්මත කිරීමට නොහැකි විය.

ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාර හමුවේ ගාසා තීරයේ වැසියන් මේ වනවිට දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර ගැටුම් හමුවේ මියගොස් ඇති ගාසා වැසියන් සංඛ්‍යාව 16,000කට අධික බව වාර්තා වේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ජාතන්තර සංඥා භාෂා දිනය අද…

Published

on

By

ජාතන්තර සංඥා භාෂා දිනය අද (23) යෙදී ඇති අතර, මෙවර තේමාව “සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත” ලෙස නියම කර තිබේ.

සමරු උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යාංශයේදී පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත අනුව, ලෝකය පුරා ශ්‍රව්‍යබාධිත පුද්ගලයින් මිලියන 70ක් පමණ ජීවත් වන අතර ඔවුන් භාවිතා කරන සංඥා භාෂා සංඛ්‍යාව තුන්සියකට අධිකය.

ජාතන්තර සංඥා භාෂා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට 2018 දී සනිටුහන් කරන ලදී.

Continue Reading

world-news

ජෙරුසලම් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු මරුට

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ රාමෝද් ප්‍රදේශයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයකට නැගීමට සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයට පසුව ආරක්ෂක අංශ වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත්, ප්‍රහාරය සිදුකළේ කුමන කණ්ඩායමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධියෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙංජමි නෙතන්යාහුද සිද්ධි ස්ථානයට ගොස් තිබේ.

Continue Reading

world-news

ජෙරුසලමේ වෙඩි තැබීමක්.. පුද්ගලයින් සිව් දෙනෙකු මරුට ..

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුල් වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බව සඳහන්ය.

මෙම වෙඩි තැබීමෙන් මේ වන විට පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 30 සිට 50 අතර බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

අමතරව, තුවාල ලැබූවන්ද ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.


Continue Reading

ප්‍රවණතාවන්