ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා නවක පත්වීම් ලිපි ප්‍රදානයේ උත්සවය අද (2026.01.05) දින දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
මෙම උත්සවයට දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය ඇතුළු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ අමාත්‍යාංශ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් එස්.පී. විතානගේ ඇතුළු පිරිසක් සහභාගී විය.
උත්සවයේදී දුම්රිය ස්ථානාධිපති III ශ්‍රේණිය සඳහා නවක පත්වීම් 100ක් ලබා දීම සිදු විය.
