1 views 1 sec 0 comments

අග්‍රාමාත්‍යවරිය හෙට ඉන්දියාව බලා පිටත් වෙයි…

In Highlights, Local News
October 15, 2025

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙට (16) දින ඉන්දියාවට නිල සංචාරයකට පිටත් වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇය මෙම සංචාරය සිදු කරනුයේ ඔක්තෝබර් 16 සිට 18 දක්වා කාලය තුළය.

සංචාරය සමඟ අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ මට්ටමේ නියෝජිතයන් සමඟ ද තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතය.

එමෙන්ම, ඔක්තෝබර් 17 වැනි දින NDTV සහ චින්තන් පර්යේෂණ පදනම එක්ව සංවිධානය කරන NDTV ලෝක සමුළුවේදී, අග්‍රාමාත්‍යවරිය “අවිනිශ්චිත කාලවකවානු තුළ විපර්යස් මෙහෙයවීම” යන තේමාව යටතේ විශේෂ දේශනයක් ලබාදීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.