
මෙරට රන් මිල යළි ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත අනාවරණය කරයි.
ඒ අනුව ඊයේ (14) දිනයට සාපේක්ෂව රුපියල් 5,000කින් වැඩිවීමක් අද (15) දිනයේ දී වාර්තා වී ඇත.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ අනුව,
- කැරට් 22 රන් පවුමක මිල අද පෙරවරුවේ රු. 342,300ක් ලෙස දැක්වෙයි.
(ඊයේ එම මිල රු. 337,600කි.) - කැරට් 24 රන් පවුමක මිලද රු. 365,000 සිට රු. 370,000 දක්වා ඉහළ ගොස් ඇත.
වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ, විශ්ව රන් මිල ගණන් සහ දේශීය විනිමය අනුපාතවල වෙනස්කම් මේ වැඩිවීමට බලපා ඇති බවයි.