
මැඩගස්කරයේ පවතින විරෝධතා හේතුවෙන් එරට ජනාධිපති ඇන්ඩ්‍රි රැජලීනා රටෙන් පිටවීමෙන් අනතුරුව, එරට පාලනය හමුදාව විසින් අත්පත් කරගෙන ඇත.
මැඩගස්කර හමුදාවේ කැප්සට් විශේෂ බලකා ප්‍රධානියා පවසන පරිදි, හමුදාව විසින් අතීත රජයට බදවා නව රජයක් පිහිටුවන අතර වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වනු ඇත.
පසුගිය 25 වැනිදා මැඩගස්කර තරුණ පිරිසක් විදුලිය හා ජල කප්පාදුවලට විරෝධය පළ කරමින් රජයට එරෙහි විරෝධතාවක් ආරම්භ කර තිබුණි. එහිදී ඔවුන් ජනාධිපති ඇන්ඩ්‍රි රැජලීනාට ධූරයෙන් ඉල්ලා අස්වීමේ ඉල්ලීමක්ද කළහ.
පසුව ෆේස්බුක් සටහනක් මගින් ජනාධිපතිවරයා සඳහන් කළේ තම ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආරක්ෂිත ස්ථානයකට ගොස් ඇති බවය.
ඔහුගේ පිටවීමෙන් පසු මැඩගස්කර සෙනෙට් සභාව විසින් ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත් කර ඇති බව නිවේදනය කර ඇත.