Connect with us

world-news

තුර්කියේ භූ කම්පනයක්…

Published

on

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 4.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් භූ කම්පනයක් හටගෙන තිබේ.

එය අෆ්සින් ප්‍රදේශයේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති අතර ඇතැම් ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව ඇති බව සඳහන්ය. කෙසේ වුවද ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධ තොරතුරු මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ශ්‍රී ලංකා ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතාව ශක්තිමත් කර ගැනීමටදෙරටේ නායකයෝ ප්‍රතිඥා දෙති…

Published

on

By

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (20) පස්වරුවේ සිදු විය.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා දුන් අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද විශේෂ අවධානයක් යොමු විය.

එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වූ අතර ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කමද අවධාරණය කෙරිණි.

Continue Reading

world-news

ජනපති ලෝක ජල සමුළුව අමතයි…

Published

on

By

10 වැනි ලෝක ජල සංසදයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය අරමුදල් ප්‍රමුඛතා අතර සම්පූර්ණ වෙනස ඉස්මතු කළ අතර, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා මූල්‍ය ක්‍රියාමාර්ගවලට අකමැත්ත පෙන්වමින් යුක්රේනයේ මරණයට හා විනාශයට අරමුදල් සැපයීමට ගෝලීය උතුරේ කැමැත්ත පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීමේ ප්‍රයත්නයන් හි අරමුදල් පරතරය පියවා ගැනීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ මහතා නව විසඳුමක් යෝජනා කළේය. වාර් ශිකව ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බදු ක්ෂේම භූමියේ තැන්පත් කර ඇති ගෝලීය බදු පැහැර හැරීම් වත්කම්වල වාර් ශික ලාභය මත 10%ක බද්දක් ඔහු යෝජනා කළේය. මෙම අරමුදල් දේශගුණික විපර්යාස අනුවර්තනය සහ අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද Blended Finance ව්‍යාපෘති සඳහා යොමු කෙරේ.

Continue Reading

world-news

පිලිපීනයේ භූ කම්පනයක්…

Published

on

By

ඊයේ (03) පස්වරු 6.16 ට මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ.

පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති අතර මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බව පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය ප්‍රකාශ කර සිටියා.

එම පසුකම්පන ලයිට් පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී තිබුණද ඒ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

Continue Reading

ප්‍රවණතාවන්