69 views 0 secs 0 comments

ට්‍රම්ප්ගේ තීරුබදු තීරණය අමෙරිකානු අධිකරණයකින් අත්හිටුවේ

In World News
May 29, 2025

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ගිය දැඩි තීරුබදු තීරණයක් එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය ඊයේ (28) නිකුත් කළ නියෝගයකින් මෙම තීරණය ගෙන ඇති අතර, එය ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි ආපදායක් ලෙස සැලකෙයි.

අධිකරණය විසින් දක්වා ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයටම විදේශවෙළඳ නීති හා නියාමන පිළිබඳව සුවිශේෂී බලය ලබා දී ඇති බවත්, ජනාධිපතිවරයාට ආර්ථික ආරක්ෂාව සඳහා පනවන හදිසි නීති මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ධවල මන්දිරය ක්‍රියාත්මක කළ හදිසි නීතියක් මත පදනම්ව ජනාධිපතිවරයාට එක්සත් ජනපදය සමඟ ව්‍යාපාර කරන සියලුම රටවල්ට තීරුබදු පනවීමට ඒකපාර්ශ්වික බලය හිමි නොවන බවත්, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ද අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, මෙම තීරණයට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය වහාම අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.