179 views 0 secs 0 comments

සුවිශේෂී නිවුන් දරු උපත…

In World News
November 23, 2022

පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදා අමෙරිකාවෙන් සුවිශෙෂී වූ නිවුන් දරු උපතක් වාර්තා වී තිබුණි. මෙම උපතෙහි ඇති විශේෂත්වය නම් වසර 30ක් තිස්සේ සංරක්ෂණය කල කලලයක් මගින් මෙම උපත සිදු වී තිබීමයි.

මෙම කලලය වසර 30ක කාලයක් සෙල්සියස් අංශක සෘණ 128 ක දැඩි ශීතලක් යටතේ සංරක්ෂණය කර ඇති අතර විවාහක යුවළක් විසින් පරිත්‍යාග කර ඇති ඩිම්බ සහ ශුක්‍රාණු යොදාගෙන එම කලලය සංසේචනය කර තිබුණි. අනතුරුව දියර නයිට්‍රජන් මත මෙම කළලය ගබඩා කර ඇත්තේ 1992 වසරේ අප්‍රේල් මස 22වැනිදාය.

රැචෙල් රිජ්වේ නම් සිවුදරු මවක විසින් අනතුරුව එම කළලය භාවිත කරමින් මෙම නිවුන් දරුවන් බිහිකර ඇත.