70 views 0 secs 0 comments

අහමදාබාද් ගුවන්තොටුපොළ අසල සිදු වූ අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගනී..

In World News
June 12, 2025

අහමදාබාද් ගුවන්තොටුපළ අසලදී අද (12) දිනයේ සිදුවූ බිහිසුණු ගුවන් අනතුරකින් මගීන් 200කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, එයාර් ඉන්දියා ගුවන් යානයක් මෙයට ලක්වූ බව මූලික වාර්තා පෙන්වයි. අනතුර සිදුවූ විට යානය ලන්ඩන් බලා පිටත් වී තිබූ අතර, යානයේ මගීන් 250ක් පමණ සිටි බවද පැවසේ. මේඝානිනගර් ප්‍රදේශය අසල ධාර්පූර් සිට දැඩි දුමාරයක් දක්නට ලැබූ අතර, ගිනි නිවන හමුදාව හා හදිසි ප්‍රතිචාර කණ්ඩායම් එම ස්ථානයට ඉක්මනින් පැමිණ ඇත.

අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය හා ජාත්‍යන්තර මාධ්‍යය තහවුරු කළේ ගුවන් යානයේ සිටි බොහෝ දෙනා මියගොස් ඇති බවය. කෙසේ වෙතත්, 11A ආසනයේ සිටි විශ්වාෂ් නම් 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මේ අනතුරෙන් දිවි බේරාගෙන තිබේ. ඔහු ඉන්දියාවට පැමිණ තිබුයේ තම පවුලේ අය බැලීම සඳහා වන අතර, අනතුර සිදුවූ වෙලාවේදී ඔහු සහෝදරයෙකු සමඟ එක්සත් රාජධානිය බලා යමින් සිටියේය.

විශ්වාෂ් දැන් අහමදාබාද්හි අසාර්වා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු පවසන්නේ, “ගුවන්ගතවී තත්පර තිහකට පසු විශාල ශබ්දයක් ඇති වුණා. ඒ සමඟම යානය කඩා වැටුණා. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදුවුණා” යනුවෙනි. ඔහුගේ පපුවේ, ඇස්වල සහ පාදවලට තුවාල සිදුව ඇති බව වෛද්‍ය වාර්තා පෙන්වයි.

මෙම ගුවන් අනතුරට හේතුව මේවනවිට බලධාරීන් විසින් තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.