69 views 0 secs 0 comments

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි, නව ප්‍රකාශක වරයෙක් පත් කෙරේ..

In Local News
June 12, 2025

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. එම ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති අතර, අදාළ තීරණය ගෙන ඇත්තේ වෙසක් පොහොය දිනයේදී ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේය.

මෙම සිදුවීමෙන් පසුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එමඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ ප්‍රතිසංවිධානයක අරමුණින් දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත. මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩතහනමට ලක්වීමත් සමඟ එම ධූරයේ කටයුතු සිදුකිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.