ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය ඔස්සේ, මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
ඒ අනුව ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේ නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම සඳහාය.කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ (28) ප්‍රකාශ කළේ තමන් අද (01) සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවය.
කෙසේනමුත් මෙම තීරණය හේතුවෙන් රට තුළ කිසි ලෙසකින් ඉන්ධන අර්බුදයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසීය.
