Connect with us

Local News

බස් ගාස්තු පහල යන ලකුණු…

Published

on

මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකල හැකි ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේර අමාත්‍යවරයා සඳහන් කළ බව ප්‍රවාහන අමාත්‍යය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියා.

උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය හැකි වනු ඇති බවයි.

Local News

ඉදිරි දෙසතිය තුළ දිවයිනට එන ඉන්දියානු සහල් තොගය..

Published

on

By

ඉදිරි දෙසතිය ඇතුළත ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා, සම්බා සහල් මෙට්‍රික්ටොන් 50000ක් ගෙන්වීමට පසුගිය දා ලැබුණු කැබිනට් අනුමැතියට අනුව එම සහල් ආනයනය කරන බවත් මීට අදාළ ටෙන්ඩර් කැඳවීම ඊයේ (11) අවසන් වූ බවත් ප්‍රකාශ කළේ ය.

එමෙන්ම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවත්, මේ වනවිට වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 1000කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

Continue Reading

Local News

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ශීඝ්‍ර ලෙස පහලට..

Published

on

By

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා.

මේ තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බව එම සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම ශාමින්ද්‍ර ගුණසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, මෙම කේෂත්‍රය සඳහා තවදුරටත් බදු පැනවීමක් සිදුකළ හොත් ටයිල් කැටයක මිල යළිත් රුපියල් 100 කින් ඉහළ යන බවයි.

Continue Reading

Local News

නෙදර්ලන්තයෙන් යළි මෙරටට ලබා දුන් කෞතුක භාණ්ඩ මහජ ප්‍රදර්ශනයට..

Published

on

By

ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට ලබාදුන් කෞතුක භාණ්ඩ ඊයේ (5) සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණ.

මෙම කටයුත්ත බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කු ආකෘතියක් යන කෞතුක භාණ්ඩ 06ක් මෙම කෞතුක භාණ්ඩ අතර වේ. මෙම කෞතුක භාණ්ඩ දෙසැම්බර් 5 වන දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිත බව වාර්තා වේ.

වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් මෙම කෞතුක භාන්ඩ රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.

Continue Reading

ප්‍රවණතාවන්