168 views 0 secs 0 comments

ඉගැනුම් කටයුතුවලටත් බාධා මතුවෙයි..

In Local News
March 18, 2022

බස්නාහිර පළාතේ පාසල්වල අවසන් වාර විභාගය පැවැත්වීමට කඩදාසි හා අමුද්‍රව්‍ය හිඟයෙන් බාධා මතුව තිබේ.

මේ පිළිබඳව දැනුවත් කිරීම් කරන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබන අතර මේ හේතුවෙන් 6, 7, 8, ශ්‍රේණි සඳහා වර්ෂ අවසාන ඇගයීම් සංශෝධනය කිරීමට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම 4, 9, 10 හා 11 ශ්‍රේණි වර්ෂ අවසාන ඇගයීම් අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.