229 views 0 secs 0 comments

හදිසි ජල කප්පාදුවක්…

In Local News
March 18, 2022

ජලය සැපයෙන නළ මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. ඇතැම් විට පැය 24ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක විය හැකි බව වාර්තා වේ.

ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහනගර සභා බලප්‍රදේශය, රත්මලාන,
කොළඹ 05, කොළඹ 06, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුඅන බවයි වාර්තා වන්නේ. එසේම කොළඹ 04 ප්‍රදේශයට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.