ශ්‍රී ලංකාවට රටක් ලෙස තවදුරටත් ණය ලබා ගත නොහැකි බව ආර්ථික ප්‍රබෝධය කේන්ද්‍ර කර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ වැඩසටහනකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ රට ගොඩනැගීමට නම් ශ්‍රී ලංකාව ප්‍රාග්ධනය ඉපයීමේ වෙනත් මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. ආයෝජන, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ ඉන් අනතුරුව සංක්‍රමණික ශ්‍රමිකයන් ගෙන එන ආදායම ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා රටට අවධානය යොමු කළ හැකි ක්‍රමවලට උදාහරණ වන බව ඔහු පැවසීය.
තවද, ශ්‍රී ලංකාව සිය දේශසීමා විවෘත කර ඇති බවත්, දැනටමත් සංචාරකයින් මෙරටට පැමිණීම ආරම්භ කර ඇති බවත් පැවසූ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට බාහිර ලෝකය සමඟ ගනුදෙනු කිරීමට හැකි බවට මෙරට සංචාරක තත්ත්වය උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය.