142 views 0 secs 0 comments

2023 අපොස උසස් පෙළ ජනවාරියේ..

In Local News
October 04, 2023

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි 04 වනදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වීමට දින නියමකර ඇති අතර ඊට අදාල කාල සටහන් ඉදිරියේදි නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා.

විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා පමණක්, මේ මස 06 වනදා සිට 10 වැනිදා දක්වා ඔන්ලයින් අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවද එමදෙපාර්තමේන්තුව සදහන් කර සිටියා.

මේ පිළිබද යම් ගැටලුවක් වෙතොත් 1911 ක්ෂණික දුරකතන අංකයෙන් හෝ 011 2 784 208, 011 2 784 537 හෝ 011 2 786 616 විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.