19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් විය.
චීනයේ හංග්ජොහීදී පැවැති එම ඉසව්වේ අවසන් තරගයේදී තරුෂි ප්‍රදර්ශනය කළ දක්ෂතාව මිනිත්තු 2යි තත්පර 3යි දශම 2යි 0ක් වන අතර ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක මීටර 800 ධාවන ඉසව්වෙන් දිනූ පළමු පදක්කම මෙයයි.
එහි රිදී පදක්කම ඉන්දියාවටත්, ලෝකඩ පදක්කම චීනයටත් හිමි විය.
2002 වසරෙන් අනතුරුව මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම මෙය වේ.
