Connect with us

Sports

පළමු විස්සයි විස්ස තරඟයේ ජය ඔස්ට්‍රේලියාවට….

Published

on

ඊයේ (07) සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කල අතර පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 36 ක්, චරිත් අසලංක ලකුණු 38 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක් හා වනිඳු හසරංග ලකුණු 17 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම 14 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් David Warner ලකුණු 70 ක් හා නායක Aaron Finch ලකුණු 61 ක් ලබා ගැනීමට සමත් වුණා.

Sports

IPL තරගාවලිය යළි ආරම්භ වීමට නියමිතයි – RCB සහ KKR තරගය හෙට..

Published

on

By

ඉන්දු–පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි ආරම්භ වීමට නියමිතය.

මෙම අරඹුව, හෙට (17) රාත්‍රි 7ට පැවැත්වීමට නියමිත රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) සහ කොල්කටා නයිට් රයිඩර් (KKR) කණ්ඩායම් අතර තරගයයි. මෙම තරගය පැවැත්වෙන්නේ බැංගලෝර්හිදීය.

ප්‍රසාද ලකුණු සටහන අනුව, RCB කණ්ඩායම දැනටමත් දෙවැනි ස්ථානයේ පසුවන අතර, KKR කණ්ඩායම පසුවන්නේ හයවන ස්ථානයේය.

තරගාවලිය නැවත ආරම්භ වීමත් සමඟම, අනෙක් තරග සඳහා වූ කාලසටහන්ද ඉදිරියේදී නිකුත් වීමට නියමිතය.

Continue Reading

Sports

රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් සිට විශ්‍රාම ගනී…

Published

on

By

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට්වලින් විශ්‍රාම ලබාගෙන ඇත. එය ඔහුගේ Instagram ගිණුමේ පණිවිඩයක් මඟින් තහවුරු කරමින්, රට වෙනුවෙන් සුදු ඇඳුමින් ක්‍රීඩා කිරීම ගෞරවයක් බවද සඳහන් කළේය.

ඔහු 67 ටෙස්ට් තරගවලදී ලකුණු 4301ක් ලබා ශතක 12ක් සහ අර්ධ ශතක 18ක් වාර්තා කර ඇත.

2024 T20 ලෝක කුසලානයෙන් පසුව ඔහු T20 ක්‍රිකට්වලින්ද විශ්‍රාම ගත්තේය. රෝහිත් තවදුරටත් එක්දින තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.

Continue Reading

Sports

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින (ODI) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ වාර්තාව..

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම එක්දින (Oඪෛ) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ වාර්තාව අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 4 වන ස්ථානයට පත් වී තිබේ.

පෙර තිබූ 5වැනි ස්ථානයෙන් මේ වශයෙන් තවත් ස්ථානයක් ඉහළට පැමිණීම ශ්‍රී ලංකාවට හොඳ මට්ටමක ක්‍රමවත් ක්‍රීඩාකරණයක් පෙන්නුම් කරන ලකුණකි.

මෙහි නව ශ්‍රේණිගත ක‍්‍රමය අනුව පිළිවෙලින් ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව පවති…

Continue Reading

ප්‍රවණතාවන්