234 views 0 secs 0 comments

අදට වසර 40 ක් සපිරෙන ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාව…

In Local News, Sports
February 17, 2022

ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කලේ 1982 පෙබරවාරි 17 වනදායි. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී සරවණමුත්තු ක්‍රීඩාංගණයේදීයි. එම මංගල ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදුන්නේ අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුරයි.

මෙම තරගයේදී රංජන් මඩුගල්ලේ, අර්ජුණ රණතුංග සහ රෝයි ඩයස් ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කල අතර මෙම ටෙස්ට් තරගය කඩුලු 7 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

පළමු ටෙස්ට් තරගයේදී සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 299 කට ක්‍රීඩා කර තිබෙනවා.